ත්‍රස්තවාදය වැළැක්විමේ පණතේ සංශෝධන ප්‍රමාණවත් නෑ..! ICJ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට යෝජනා කළ සංශෝධන ‘ඛේදනීය ලෙස ප්‍රමාණවත් නොවන’ බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) පවසයි.

ආරක්ෂක පනතක් යයි කියන මතභේදාත්මක “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)” ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් අවලංගු කළ යුතු යයි ද, දක්ෂිණාංශික ආණ්ඩුව විසින් ඊට යෝජනා කරන ලද ප්‍රතිසංස්කරණ “ප්‍රමාණවත් නොවීම” ඛේදනීය කාරණයක් බව ද ICJ අඟහරුවාදා (25) ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිර ගත කිරීම සඳහා ආරක්ෂක අංශවලට පුළුල් බලතල ලබා දී ඇත.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, නීති විරෝධී ලෙස සැලකෙන පුළුල් පරාසයක වැරදි ලෙස වැරදි අන්දමින් අර්ථ කථනය කළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැක කෙරෙන, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත ඕනෑම පුද්ගලයෙකුගේ, පුද්ගල සමූහයක, සංගමයක, සංවිධානයක හෝ පුද්ගලයන්ගේ නිදහස අත්තනෝමතිකව හා අවිනිශ්චිත කාලයකට අහිමි කිරීමට ඒ පනතින්ම ඉඩ ලැබෙනවා,” යයි මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ICJ, නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

වත්මන් ශ්‍රී ලංකාණ්ඩුව යෝජනා කර ඇති පරිදි, රැඳවුම් කාලය අඩු කිරීම සහ මාස 12 ක් රඳවා තබා ගෙන සිටි පුද්ගලයෙකුට ඇප ලබා ගැනීමට ඉඩ දීම වැනි [මුග්ධ] සංශෝධන මගින් තවමත් “අධිකරණයක් ඉදිරියේ විභාගයකට මුහුණ දීමේ අවස්ථාවක් පුද්ගලයාට ලබා නොදී වසරක් මුළුල්ලේ නිදහස අහිමි කර තැබීමට ඉඩ සැලසේ.”

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පසු ගිය සැප්තැම්බර් මාසයේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කිරීම “ක්ෂණිකව තහනම්” කරන ලෙසත්, “එය මුළුමනින්ම සමාලෝචනය කිරීම හෝ අවලංගු කිරීම සඳහා පැහැදිලි කාල රාමුවක් සකස් කරන ලෙසත්” ඉල්ලා සිටියේය.

බෞද්ධයින් බහුතරයක් වෙසෙන දකුණු ආසියානු දූපත් රාජ්‍යයේ විරුද්ධ මත දරන්නන් සහ සුළු ජාතීන් ඉලක්ක කර ගනිමින් මෙම නීතිය ආයුධයක් ලෙස භාවිතා කරන බවට විචාරකයෝ අනතුරු අඟවති.

PTA අවලංගු කිරීම සඳහා ICJ ඉල්ලීම නිකුත් වූයේ, 2020 අප්‍රේල් මාසයේ සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රජය විසින් සිර ගත කර සිටින ශ්‍රී ලංකාවේ මානව හිමිකම් නීතිඥ හෙජාස් හිස්බුල්ලා නිදහස් කරන ලෙස අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් කරන ලද ඉල්ලීම් මධ්‍යයේය.

2009 දී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු, ඉන්දියන් සාගරයේ පිහිටි මෙම දූපත් රාජ්‍යයේ දරුණුතම ප්‍රහාරය වන 250 කට වැඩි පිරිසක් මිය ගොස් 500 කට වැඩි පිරිසකට තුවාල සිදු කළ 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයේ අපරාධකරුවන් සමග පැවැති සම්බන්ධකම් හේතුවෙන් ඔහු සිර ගත කර ඇති බව ශ්‍රී ලංකා බලධාරීහු පවසති.

මානව හිමිකම් සංවිධානයක් වන, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් හිස්බුල්ලා හෘද සාක්ෂියේ සිරකරුවෙකු ලෙස සලකනු ලබන අතර, ඔහුට එරෙහි චෝදනා ඉවත් කර “වහාම සහ කොන්දේසි විරහිතව” ඔහු නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ. පසු ගිය මාසයේ දී ශ්‍රී ලංකාවේ අධිකරණයක් හිස්බුල්ලාට ඇප දීම ප්‍රතික්ෂේප කළේය.

හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය (EU) සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) ද සිය කනස්සල්ල පළ කර තිබේ.

ජාත්‍යන්තර පීඩනය මධ්‍යයේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිර ගත කර සිටි දෙමළ කොටි කැරලිකරුවන්ට සම්බන්ධ පුද්ගලයන් 16 දෙනෙකුට ශ්‍රී ලංකා ජනාධිපතිකාරයා ගිය ජූලි මාසයේ දී සමාව දුන්නේය.

2019 දී ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිකාරයා බලයට පත්වීමෙන් පසු කොටි සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගත් පළමු අවස්ථාව එය විය.

දෙමළ සන්නද්ධ කණ්ඩායම් 2009 මැයි මාසයේ දී ඔවුන් පරාජයට පත්වන තෙක් රජය සමග දශක ගණනාවක් පුරා යුද්ධයක් දියත් කළහ.

  • 2022 පෙබරවාරි 1 වන දින Al Jazeera වෙබ් අඩවියේ පළ වූ, ‘Advocacy group calls on Sri Lanka to repeal ‘anti-terror’ law’ නම් ප්‍රවෘත්ති වාර්තාව

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *