ලෝකයේ ම ඇස් යොමු වූ මොරොක්කෝවේ දරුවාට සිදු වුණු දේ (VIDEO)

මොරොක්කෝවේ ළිඳකට වැටී දින 5ක කාලයක් සිර වී සිටි රයන් මීට සුළු මොහොතකට පෙර මුදා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වුව ද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් මොරොක්කෝ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බව ය.

දින ගණනාවක් පුරා දිවා රෑ අඛණ්ඩව සිදු කළ ඉතා අසීරු මෙහෙයුමකින් අනතුරුව රයන් ඉන් ගොඩට ගැනීමට ඔවුන්ට හැකි විය.

පෙබ. 1 වන දා පස් හැවිරිදි රයන් අව්රම් මොරොක්කෝවේ, චෙෆ්චෞවන්හි කඳුකරයේ පිහිටි ඔහුගේ පියාට අයත් අදාළ ළිඳ අසල සෙල්ලම් කරමින් සිටියදී ඒ තුළට ඇද වැටී තිබිණි.

අනතුරුව රයන්ගේ පවුලේ සාමාජිකයින් අතුරුදන් වී සිටි රයන් සෙවීමට කටයුතු කර ඇති අතර එහිදී ඔහු අදාළ ළිඳ තුළට වැටී සිරවී සිටින බවට සොයා ගෙන ඇත්තේ, ඒ තුළින් පැමිණ ඇති ඔහුගේ කට හඬ අනුව බව මොරොක්කෝ මාධ්‍ය වාර්තා කළේ ය. 

මුල් දිනයේදී කඹයක් ආධාරයෙන් ඔහු ගොඩ ගැනීමට උත්සහ කළ ද පසුව එය ව්‍යර්ථ වී තිබිණි.

එරට මාධ්‍ය වාර්තා කළේ, මීටර් 32ක් (අඩි 104ක්) පමණ ගැඹුරක ඔහු සිරවී සිටි ඇති අතර ඔහු මුදා ගැනීමට අපහසු වී තිබුණේ අදාළ ළිඳේ විෂ්කම්භය සෙන්ටිමීටර් 45කට (අඟල් 18) අඩු වූ නිසා බව ය.

ඒ අනුව, පෙබරවාරි 2 වන දා ගලවා ගැනීමේ කණ්ඩායම්වලට රයන් බේරා ගැනීම සඳහා ඔහු සිරවී සිටින ස්ථානයට සමාන්තරව, තිරස් අතට අගලක් හැරීමට සිදු වී තිබිණි.

එය ඉතා සංයමයෙන් කරන්නට සිදු වී ඇත්තේ, ඒ අවට ප්‍රදේශයේ වූ වැලි සහිත පස හේතුවෙන් පස හෑරීමේදී නාය යාම් අවදානමක් ඇතිවිය හැකි බැවින් යැයි මොරොක්කෝ මාධ්‍ය සඳහන් කළේ ය.

රයන්ගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කැමරාවක් ද ඔහු සිරවී සිටින ළිඳ තුළට යැවීමට කටයුතු කර තිබුණු අතර පසුව එය ළිඳ තුළට වැටීම හේතුවෙන් ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට අපහසු වී තිබිණි.

ඉන් මුලදී ලබා ගත් දර්ශනවල සටහන් වී තිබුණේ, රයන් ජීවතුන් අතර සිහි ඇතිව සිටින බව ත් ඔහුගේ හිසේ සුළු තුවාල කිහිපයක් සිදුවී ඇති බව ත් ය.

ඒ අනුව, ඔහුට ඔක්සිජන් සහ ජලය සැපයීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කළ බව එරට මාධ්‍ය වාර්තා කළේ ය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සහ ගිලන් රථයක් මෙන් ම, හෙලිකොප්ටර් යානයක් ද එම ස්ථානයක් ගෙන්වා තැබීමට මොරොක්කෝ බලධාරීන් කටයුතු කර තිබිණි.

තව ද රයන් ගොඩගත් වහා ම ප්‍රතිකාර කිරීම සඳහා සූදානමින් සිටින ලෙස ඔවුන් ඒ ආසනයේ පිහිටි රෝහල වෙත දන්වා තිබුණු බව ද මොරොක්කෝ මාධ්‍ය වාර්තා කළේ ය.   

මොරොක්කෝ රජය ප්‍රකාශ කර තිබුණේ, රයන් බේරා ගැනීම සඳහා සියලු පරිශ්‍රම දරන බව ය. 

පෙබ. 3 වන දා වන විට මීටර් 22ක් දක්වා ගැඹුරට යාමට දිවා රෑ කටයුතු කළ ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වී ඇති අතර අනතුරුව පෙබ. 4 වන දා රයන් සිටින ගැඹුරට, මීටර 32ක් දක්වා පැමිණීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වුණු බව එරට මාධ්‍ය වාර්තා කළේ ය.

පස් කඩා වැටී රයන්ගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් ඇතැම් අවස්ථාවලදී රාත්‍රී කාලයේදී කැණීම් කටයුතු නතර කිරීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට සිදුවී තිබිණි.

කඩා වැටෙන ගල් හා පස්වලින් රයන් ආරක්ෂා කර ගැනීම සඳහා විශාල කොන්ක්‍රීට් බට එම ස්ථානයට යෙදවීමට ද ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කර තිබුණු අතර රයන් මුදා ගැනීමේ මෙහෙයුම් දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් ඒ අවට ප්‍රදේශයට රැස්ව සිටි බව එරට මාධ්‍ය වාර්තා කළේ ය. 

පෙබ. 5 වන දා වන විට රයන් සිටින ස්ථානයට තවත් සමීප වීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සාමාජිකයින්ට හැකි වී තිබිණි.

අනතුරුව යන්ත්‍ර භාවිතයෙන් තොරව ඔවුන්ට සියුම්ව අතින් අගල හැරීමේ කටයුතු කිරීමට සිදු වූ බව මොරොක්කෝ මාධ්‍ය වාර්තා කළේ ය. එමෙන් ම, එම වාර්තා සඳහන් කළේ, ඒ වන විට ද රයන්ට අඛණ්ඩව ඔක්සිජන් සැපයීමට කටයුතු කළ බව ය. 

පසුව ඔවුහු අගල හැරීම නවතා, රයන්ට ඍජුව සමීප වීමට කටයුතු කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොව පුරා අවධානය යොමු වී තිබුණු අතර ලොව ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන ද එය වාර්තා කිරීමට සහ එම මෙහෙයුම සජීවීව විකාශය කිරීමට කටයුතු කළහ. 

එමෙන් ම, රයන් මුදා ගැනීමේ මෙහෙයුම ඉන්ටර්නෙට් හා සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා සිටින ලක්ෂ සංඛාත ජනතාවක් විසින් නරඹන ලද අතර බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් රයන්ගේ ජීවිතය ආරක්ෂා කරන දෙන ලෙස දෙවියන් ගෙන් යැද සිටින බව සඳහන් කරමින් පණිවිඩ නිකුත් කිරීමට ද කටයුතු කර තිබිණි.

https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2F2m.officiel%2Fvideos%2F645509906696712%2F&show_text=true&width=560&t=0

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *