යුක්තියෙන් ඊයෙත් බඩු සමගින් 1422ක් අත්අඩංගුවට..!

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (27) වනදා සිට අද (28) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,422ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සැකකරුවන් 35 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.

එසේම, සැකකරුවන් 3 දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 37 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 73 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂ මෙහෙයුමේදී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින්  347g
අයිස් 827g
ගංජා 05kg 475 g
ගංජා පැළ 6,691
මාවා 208 g 
මත්පෙති 3,574

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *