වැලන්ටයින් දවසට පෙර පෙම්වන්තියන්ට රහසක්..!

නියපොතු කෙළවර කළු පාටින් යුක්ත නම්
යම් පුරුෂයකුගේ නියපොතුවල කෙළවර කළු පැහැයෙන් යුක්තව තිබේ නම් ඔහු ඉතා නිරෝගී මෙන්ම ජවසම්පන්න පුරුෂයෙකි. කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට කැමැත්තක් දක්වන මොවුන් තම ජීවිකාව ලෙස කෘෂිකර්මාන්තයට අදාළ කටයුත්තක් තෝරාගත හැකිය. දැඩි ආත්ම විශ්වාසයකින් සපිරි කරුණාවන්ත පුද්ගලයෙකි.

නියපොතු මුල නොයෙකුත් පාට මිශ්‍ර වූ රතු පැහැයක් තිබේ නම්
පුරුෂයකුගේ නියපොතු මුල නොයෙක් වර්ණ සමග රතු පැහැය තිබේ නම් ඔහු පිත් කෝප සහිත පුද්ගලයෙකි. ඉතා සුළු දෙයකටත් මහත් සේ කලබල වන මොහු කුඩා දේටත් කෝපයට පත්වෙයි. නිතරම අන් අය සමග කලකෝලාහල ඇතිකර ගන්නා පුද්ගලයෙකි. සිතේ අනුකම්පාව අඩුය. තරමක රළු ගති පැවැතුම් ඇති අයෙකි. මොහු සමග සුහදව සිටීමට නම් මොහුට හොඳින් ඇහුම්කන් දෙන සත්‍ය කතා කරන අයකු විය යුතුය.

සුදු පාට දික්වූ නිය ඇත්නම්
සුදු පාට දික්වූ ලස්සන නියපොතු පිහිටි පුද්ගලයා ශරීර සෞඛ්‍ය අතින් දුර්වල අයෙකි. නිතර ලෙඩ රෝගවලට ගොදුරු වන මෙවැනි පුද්ගලයන් හට ශරීරයේ උෂ්ණ රෝග වැලඳීමේ වැඩි ඉඩක් පවතී. එසේම උණ රෝගයටද නිතර ගොදුරු විය හැකිය. මෙලෙස නිය පිහිටි පුද්ගලයන් හට නිරෝගීව වැඩුණු ශරීරයක් නොමැති අතර කෘශ වූ ශරීර පිහිටයි. මෙවැනි පුද්ගලයන් ඉතා කරුණාවන්ත අයයි. කේන්ති ගන්නේ බොහෝ අඩුවෙනි. ඕනෑම දෙයක් ඉවසාගැනීමේ ශක්තියෙන් යුක්තයි.

ඇඟිලි කෙළවර සුදු පැහැ සලකුණු පිහිටා ඇත්නම්
යමෙකුගේ ඇඟිලි කෙළවර සුදු පැහැයෙන් යුතු සලකුණු පිහිටා තිබේ නම් ඔහු නොයෙකුත් දක්ෂතාවන්ගෙන් පරිපූර්ණ අයෙකි. මොවුන් තමන්ගේ හැකියාවන් දියුණු කරගෙන ඉන් සමාජයේ ඉදිරියට යන පිරිසකි. කා අතරත් ජනප්‍රිය වීමට තරම් වාසනා බලයක් මොවුන් සතුය. නමුත් මොවුන්ගේ විවාහ ජීවිත එතරම් සාර්ථක නොවීමට ඉඩ ඇත. අවංක ගති පැවතුම්වලින් යුතු කරුණාවන්ත හදවතක් හිමි මෙවැනි පුද්ගලයන් නිතරම තම ඉදිරි අරමුණු වෙනුවෙන් කැපවී කටයුතු කරන පිරිසකි.

විශාල නිය පිහිටි පුද්ගලයා
මේ අයුරින් නියපොතු පිහිටන පුරුෂයා නිතරම තම පවුලේ ගෞරවය වෙනුවෙන් කැපවී කටයුතු කරයි. ලැජ්ජා බය ඇති මොහු අතින් වැරැදි සිදුවන්නේ ඉතා අඩුවෙනි. අවංක ගතිගුණවලින් හෙබි ඉතා කරුණාවන්ත මෘදු හදවතක් හිමි අයෙකි. අධ්‍යාපන කටයුතු කෙරෙහි විශාල උනන්දුවක් දක්වයි. ධන ධාන්‍ය සම්පත්වලට හිමිකම් කියන්නෙකි. සමාජය ඇසුරට එතරම් කැමැත්තක් නොදක්වන මොවුන් හුදෙකලාව සිටීමට ප්‍රිය කරන පිරිසකි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *