ඉතිහාසයේ පළමු වරට අපේ කෙල්ලක් ඉන්දියාව හොල්ලමින් සී ටැමිල් රියැලටි තරගාවලිය දිනයි..!

ඉන්දීය රූපවාහිනි නාලිකාවක් වන සී ටැමිල් නාලිකාව විසින් සංවිධානය කරන ලද Sa Re Ga Ma Pa Little Champs Season 3 රියැලිටි තරගාවලිය ජයගැනීමට ශ‍්‍රී ලාංකික දැරියක් සමත් වී තිබේ.

එම නාලිකාව සංවිධානය කළ තරගාවලියේ අවසන් තරගය ඊයේ දිනයේ පැවැත්විණි.

එහිදී තරගාවලියෙන් ජයගැනීමට සමත් වී ඇත්තේ යාපනයේ සිට වැඩසටහනට සහභාගි වූ කිල්මිෂා යාෂිසා විසිනි.

ජයග්‍රහණය වෙනුවෙන් ඇයට ඉන්දීය රුපියල් ලක්‍ෂ දහයක ත්‍යාග මුදලක් ද හිමිවෙයි.

ඉන්දීය රූපවාහිනී නාලිකාවක රියැලිටි තරඟාවලියක් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඇයයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *