දමිතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..!

ප්‍රවීන රංගන වේදිනී දමිතා අබේරත්න මහත්මිය සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ල්මේන්තුවට පත්කිරීම සදහා වන යෝජනාවක් එහි නායක සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් කොට ඇති අතර මේ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ දැඩි කතා බහක් සිදුව ඇති බව වාර්තාවේ.


සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කොට සිටියේ පක්ෂ නායකයා විසින් මේ බව සිදුකොට ඇත්තේ ඊයේ දඹදෙණිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වූ රූකාන්ත ගුණතිලකගෙන් හිස් වූ ඉඩ කලාකරුවෙක් වෙතම ලබාදීමට හැකියාව පවතින බවට මතු වූ අදහසට අනුව බවද සදහන් වේ.


මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මෙහෙයුම් මණ්ඩලය නියෝජනය කරනු ලබන ලක්ෂ්මන් ෆොන්සේකා දැඩි විවේචනයක් ඉදිරිපත් කොට ඇති අතර ඔහු විසින් සදහන් කොට ඇත්තේ දමිතා අබේරත්න ජාතික ජන බලවේගයේ හිතවත්කම් මත සිටින බවට තොරතුරු වාර්තා වන බැවින් හා ඇය බොහෝ විට සජබය සම්බන්ධයෙන් විටින් විට විවේචනද ඉදිරිපත් කොට ඇති බැවින් බවදද සදහන් වේ.


කෙසේ නමුත් පක්ෂ නායකයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් පක්ෂයේ බොහෝ දෙනෙකුගේ කැමැත්ත පළව ඇති බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබාදීමට කටයුතු කරන්නේ නම් ඒ් එහි පුරප්පාඩුව සලසා ගන්නේ කවරෙකුගෙන්ද යන්න පිළිබදව වන ගැටළුව මතුව ඇති බවද වැඩිදුරත් අදාළ දේශපාලන ආරංචි මාර්ග කරුණු තහවුරු කර සිටී.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *