අබුඩාබි T 10 තරගාවලියට ලාංකික ක්‍රීඩකයින් 07ක්

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු තෝරාගෙන තිබේ.

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම ඊයේ සිදුකෙරුනු අතර එහිදී කණ්ඩායම් 4ක් වෙනුවෙන් මෙලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තෝරාගෙන ඇත.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානක චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස තෝරා ගැනුණු අතර දසුන්ට අමතරව භානුක රාජපක්ෂ සහ මහීෂ් තීක්ෂණ ද චෙන්නායි කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇත.

නොදර්න් වොරියර්ස් කණ්ඩායම සිය ප්‍රධාන ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගව තෝරාගෙත් අතර නොදර්න් වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ දුෂ්මන්ත චමීරයි.

ඊට අමතරව ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා තෝරාගැනුණි.

මේ අතර ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සුදුසුකම් ලැබුවේ තරගාවලියට අලුතින් එක්වූ කණ්ඩායමක් වන මොරිස්විල් සෑම්ප් ආර්මි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහාය.

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 6වන අදියර සඳහා කණ්ඩායම් 8ක් එළඹෙන නොවැම්බර් මස 23 වැනිදා සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *