සිද්ධස්ථානවල ලයිට් බිලට මණ්ඩලයෙන් විසඳුමක්..!

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආගමික සිද්ධස්ථානවල වහළය මත සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් එහිදී පිරිවෙන්වලට ප්‍රමුඛතාව ලබාදෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසීය.

ඉන්දියානු ණය ක්‍රමය මගින් දැනට යෝජිත රජයේ ගොඩනැගිලි සූර්ය බලයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවලට ආගමික කටයුතු අමාත්‍යංශයේ තෝරා ගැනීමට අනුව ආගමික සිද්ධස්ථාන ද ඇතුළත් කිරීමට සහ එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇති බව ද එම අමාත්‍යංශය පැවසීය.

ආගමික සිද්ධස්ථානවල සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව විදුලිබල අමාත්‍යංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එහිදී මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි.

මෙම අවස්ථාව සඳහා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අධ්‍යාපනය රාජ්‍ය අමාත්‍ය විජිත බෙරලුගොඩ සහ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. වී. චානක සහ ඉන්දික අනුරුද්ධ ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම අදාල අමාත්‍යාංශවල අනුබද්ධ ආයතනවල නිලධාරීන් ද සහභාගී වී සිටියහ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *