ජනපති රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙල යටතේ උද්ධමනය තවදුරටත් පහළට..!

ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ ගොස් සියයට 10.8කට පත්ව තිබේ. මෙය වසර දෙකකට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අඩුම උද්ධමන ප්‍රතිශතය වෙයි.

පසුගිය මැයි මාසයට සාපේක්ෂව උද්ධමනය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර මැයි මාසයේදී උද්ධමනය සියයට 22.1ක් ලෙස දැක්විය.

ශ්‍රී ලංකාවේ උද්ධමනය අවසන්වරට තනි ඉලක්කමක පැවැතියේ 2021 ඔක්තෝබර් මාසයේදී වන අතර එම අගය සියයට 8.3ක් විය. ඉන් අනතුරුව අඩුම උද්ධමනයක් වාර්තා වූයේ පසුගිය මැයි මාසයේදීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *