ජනපති යෝජනාවට කැබිනට් අනුමැතිය..! තවත් පාසල් සිසුන් මිලියනයකට දිවා ආහාරය..!

තවත් පාසල් සිසුන් මිලියනක් සඳහා සම්පූර්ණ පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාදීම සඳහා පාසල් දිවා ආහාර ලබාදීමේ වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

එහිදී වැඩිදුරටත් යෝජනා වී ඇත්තේ මේ සඳහා අවශ්‍ය අරමුදල් විදේශීය ප්‍රදානයන් මගින් සපයා ගැනීමටය.

මේ වනවිටත් රජය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 4ක පමණ වියදමකින් පාසල් සිසුන් වෙත ආහාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.

පාසල් 7,926ක සිසුන් මිලියන 1.08ක් එම වැඩසටහනේ ඉලක්කය වී තිබේ.

දිළිඳුකම තුරන් කිරීමේ ප්‍රතිපත්තිය යටතේ “කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” යන අරමුණ සාක්ෂාත් කරගැනීම පිණිස ඉලක්ක කරගත් වැඩසටහන් රජය විසින් කඩිනමින් ක්‍රියාත්මක කිරීම අපේක්ෂා බවත් කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *