ජනපති රනිල්ට ශක්තියක් වෙමින් පොහොට්ටු මන්ත්‍රින් රැසක් සමගින් මන්ත්‍රි අනුර යාපාගෙන් නව සංධානයක්..!

නව දේශපාලන ධාරාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.

රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයට උත්තර සෙවීම අන් කවරදාකට වඩා අද අත්‍යවශ්‍ය වී ඇති බවත් ඒ පිළිබඳව කණ්ඩායමක් ලෙස සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම පැවසීය.

නව දේශපාලන දහරාව සන්ධානයක් ලෙස සැලකීම සුදුසු නැති බව ද පැවසූ ඔහු මෙම නව දේශපාලන සහරාව සඳහා ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් දෙපාර්ශවයම එකතු වෙමින් සිටින බවද කියා සිටියේය.

බාහිර විවිධ මතධාරීන් සමඟද මෙම සාකච්ඡාව සිදුවන බවද පැවසූ ඔහු ඉදිරි දේශපාලන ගමන සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරමින් සිටින සිටින බවද කියා සිටියේය.

මෙරට සිදුවූ මහා විශාල අර්බුදයට වගකිව යුත්තේ පොදුජන පෙරමුණේ සියලු දෙනා බවත් ඒ වගකීම භාරගැනීමට පොදුජන පෙරමුණේ සියලු දෙනා කටයුතු කළ යුතු බව පැවසූ ඔහු තමන් තමන් ඇතුළු පිරිස නව දේශපාලන දහරාව නිර්මාණය කරන්නේ පොදු ජන පෙරමුණ අභියෝග කිරීමට නොවන බවද කියා සිටී.

අද වන විට පොදු ජන පෙරමුණේ දේශපාලඥයන් බහුතර පිරිසක් සිටින්නේ මැද ස්ථානයක බවත් ඔවුන් තම ගමන් මාර්ගය තෝරා ගැනීමට නොහැකිව සිටින බවත් පැවසූ ඔහු ඔවුන් සමග ද තම සාකච්ඡා සිදුවෙමින් ඇති බවත් පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *