ආර්ථික ප්‍රතිලාභ ඕනේද? ඔක්තෝබර් 15ට කලින් ඔබ කළයුතු දේ මෙන්න..!

පවතින ආර්ථික අර්බුදය හමුවේ අවදානම් කාණ්ඩයේ පසුවන පවුල් සහ පුද්ගලයින් සඳහා සුබසාධන වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඒ යටතේ මිලියන 3.1ක පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අදාළ ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන අද (06) සිට ආරම්භ කර තිබේ. 

ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඔක්තෝබර් 15 වනදාට පෙර www.wbb.gov.lk යන වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු බව සඳහන්ය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ද එම වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *