නදී රාජ් අතර මොකද උනේ..? අළුත්ම දේ මෙන්න..!

සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් කතා කරපු අංක එකේ මාතෘකාවක් විදියට අපි හැමෝම දන්න කපල් එකක් තමයි නදී රාජ් කියන්නේ. සමලිංගික ආදර අන්දරයක් ගෙන ගිය නදී රාජ් ගැන කාලයක් සමාජ මාධ්‍ය යුහුසුලුව කතා කරන්නට වුණා. ඒ ඔවුන් ගැන ලෝකයක් දැන ගත්ත දා පටන්. ඉතින් මිනිසුන් අතර වැඩි පුර කතා බහ වුණු නදී රාජ් කාලයක් නිහඩ්ව සිටියා.

ඉතින් නදී ඇගේම ව්‍යාපාරයක් කරගෙන යන අතරේ තමයි ඔවුන් දෙදෙනා මේ විදියට සතුටින් ජීවත් වෙන්නේ. ඉතින් ඔය විදියට හැමෝම දැකපු කුරුළු ජෝඩුව වගේ හිටපු නදී රාජ් පසුගිය දවසක විරසක වෙලා ඉන්නවා කියලා සමාජ මාධ්‍ය තුළ උණුසුම් කරමින් කතා බහට ලක් වුණා. ඒ රාජ්ගේ වොයිස් රෙකෝට් එකක්. ඉතින් මේ ගැන නදී සහ රාජ් හදිස්සියේම වීඩියෝවකින් සිදු වූ දේ සියල්ල ඔවුන්ට ආදරේ කරන සියලු දෙනා වෙනුවෙන් කියලා තිබුණා.

” මමයි නදියි අතර ප්‍රශ්නයක් වුණා. එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුව තමයි අපි දෙන්න අතරේ තිබුණු ආදරය වැඩිකම සහ ආදරේ වැඩි කමට ඇති වුණු සැකයක්. ඉතින් මේ ගැන සෝෂල් මීඩියා සෑහෙන්න කතා කලා. මම ටිකක් කල බල වෙලා මගේ වොයිස් ක්ලිප් එකක් දැම්මා. ඒක හොදටම වයිරල් වුණා. අපි දෙන්න අතර ප්‍රශ්නයක් වුණාට ඒ දේ අපි දෙන්නා කතා කරලා විසදගත්තා. දැන් ඒ හැම දේම ඉවරයි.

අපි දෙන්නා කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. අපි හැමෝටම කියන්නේ ප්‍රශනයක් වුනාම කලබල වෙන්න එපා ප්‍රශ්නය ඇති වුණු දෙන්නා විතරක් ඒක විසදගන්න. කිසිම කෙනෙක් එක්ක වෙන කිසිම තැනක ඒ දේ ගැන කතා කරන්න යන්න එපා. අපේ ජීවිතේ වුණු දේකින් මේ කියන්නේ ආදර්ශයක් හැමෝටම. වෙන කාවවත් විශ්වාස කරන්න එපා. අපි දෙන්නා සතුටින් ඉන්නවා.’’

ඉතින් මේ විදියටයි හැමෝම කතා වුණු නදී රාජ්ගේ ආදරය ආයෙත් දලුලා වැඩිලා තියෙන්නේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *