එජාපයට ආදරේ කරන පාක්ෂික‍යන්ට සංවේදි නිලධාරි මණ්ඩලයක් කඩිනමින් අවශ්‍යයි..! උපුල් මාලේවන

එක්සත් ජාතික පක්ෂයට නැවත හිස එසවීමට නම් නියත වශයෙන්ම පාක්ෂිකයන්ට ආදරේ කරන පාක්ෂිකයන්ට සංවේදි නිලධාරි මණ්ඩලයක් එක්සත් ජාතික පක්ෂයට කඩිනමින් පත්කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ කැස්බෑව ආසන සංවිධායක උපුල් මාලේවන මහතා අවධාරණය කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වු උපුල් මාලේවන මහතා – පසුගිය කාල සමය තුල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් ගත් අභීත තීන්දු තිරණ නිසාවෙන් මව්බිම යථා තත්වයට පත්වෙමින් පවතින මොහොතක සිරිකොත මන්දිරයට පැමිණෙන පාක්ෂිකයන්ගේ දුක් ගැනවිලි වලට පිළිතුරු ලබාදිමට නිලධාරියෙකු එහි නොමැති වීම කණගාටුවට කරුණක් බවත් එම තත්වය වහා වෙනස් කිරිමට නම් විශේෂයෙන්ම පක්ෂ මහ ලේකම්ධුරයට ජනතාවට සංවේදි පාක්ෂිකයන් අදුරන පටු වාසි වෙනුවෙන් පාක්ෂිකයන් අතර බෙදිම් නිර්මාණය නොකරන පුද්ගලයෙක් කඩිනමින් පත්කල යුතු බවත් එතුමා අවධාරණය කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *