මධ්‍යපානේ ඩාන්ස් එකේ විනය පරීක්ෂණ කතාව අතේ රෝලක්…!

සමාජ මාධ්‍ය කැලඹුණු ගුරුවරියකගේ නර්තනයට අදාළව විමර්ශන කටයුතු පිළිබඳව දැනුම්දෙමින් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසිත් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් කර ඇත.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ ගුරුවරියගේ නර්තනයට අදාළ සිදුවීම පාසල තුළ ළමා දිනය වෙනුවෙන් ගුරු සිසු සහභාගීත්වයෙන් සිදුවූ සාමූහික ක්‍රියාකාරකමක් බවට පෙනී යන බවය.

ඒ අනුව මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බවට කාරුණිකව දන්වන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.

මීගමුව කදිරාණ කණිෂ්ඨ විද්‍යාලයේ ළමා දින සැමරුම් උළෙලේදී පාසල් ගුරුවරියක් සිසුන් පිරිසක් සමඟ නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

අනතුරුව ඒ සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් ඇතිවූ අතර මේ සම්බන්ධයෙන් මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සිදුකරනු ලැබූ කරුණු සොයාබලා සිදුකළ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ලබා දී ඇති වාර්තාවට අනුව මෙම තීරණය ගෙන තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *