තුර්කි – සිරියා මරණ 29,000 පනී

තුර්කි – සිරියා දේශසීමාවේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යමින් පවතී.

භූකම්පනයෙන් තුර්කියේ සිදුවූ මරණ ගණන 24,500 ඉක්මවා ඇති අතර, සිරියාවෙන් වාර්තා වන නිල මරණ ගණන 3,500කි.

ඒ අනුව සමස්ථ මරණ සංඛ්‍යාව 29,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ සිරියානු මරණ සංඛ්‍යා ලේඛන පසුගිය සිකුරාදායින් පසු යාවත්කාලීන වී නොමැති බවය.

නවතම වාර්තාවලට අනුව ප්‍රධාන භූකම්පන දෙකට පසු වාර්තා වූ පසු කම්පන සංඛ්‍යාව 1,500ට අධිකය.

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටින දෙස් විදෙස් මුදා ගැනීමේ සේවකයින් ගණන එක් ලක්ෂ පනස් දහසක ඉක්මවා ඇත.

මේ අතර ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුකරමින් ජර්මනියේ සහ ඔස්ට්‍රියාවේ මුදාගැනීමේ කණ්ඩායම් සිය මෙහෙයුම්වලින් ඉවත්ව තිබේ.

ඔවුන් චෝදනා කරන්නේ තුර්කියේ විපතට පත් හතායි කලාප තුළ විවිධ කණ්ඩායම් අතර ගැටුම් ආරම්භ වී ඇති බවය.

ගැටුම් මර්දනය කළ පසු යළි සිය මුදාගැනිමේ මෙහෙයුම් ආරම්භ කරන බව ජර්මානු සහන කණ්ඩායම් වැඩිදුරටත් පවසා ඇත.

හතායි සිදුවීම් සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිචෙප් එර්දොවාන් කිසිදු ප්‍රකාශයක් සිදුකර  නැතත්, සිදුවන ඕනෑම අපරාධයකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු අවධාරණය කර තිබේ.

මේ අතර තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් පසු සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙන අතරතුර කොල්ලකෑම්වලට සම්බන්ධ පුද්ගලයින් 50ට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී ගිනිඅවි කිහිපයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *