සියලු කොටස් නවදහසේ කඩඉම පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (02) දිනයේ දී ඒකක 9,000 කඩඉම පසුකරන ලදී.

මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 ඉක්මවා ගියේ 2022 ඔක්තෝබර් 14 දිනෙන් පසුව වීම විශේෂත්වයකි.

මේ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 72.37 කින් ඉහළ ගොස් ඒකක 9,022.38 ක් ලෙසින් සටහන් වුණි.

S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 13.22 කින් වර්ධනය වී ඒකක 2,812.75 ක් ලෙසින් වාර්තා විය.

රු. බිලියන 1.8ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *