මැතිසභයේ විදුලි බිල කෝටි 07ක්..!

පාර්ලිමේන්තු සංකීර්ණයට අදාළව ඉකුත් මැයි මාසයේ සිට ඔක්තෝබර් දක්වා වූ කාලය තුළදී විදුලි බිලේ එකතුව රුපියල් හත් කෝටි තිස් එක් ලක්ෂයක් බවට වාර්තා වනවා.

පාර්ලිමේන්තුවට විදුලි සබඳතා 12 ක් තිබෙන බවත්,ඉකුත් ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි බිල රුපියල් එක්කෝටි විසි අට ලක්ෂ පනස් දෙදහසක් බවයි වාර්තා වන්නේ.

මේ අතර, කතානායකවරයාගේ නිල නිවසට අදාළව ඉකුත් මැයි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මාස හයක විදුලි බිල්පත්වල එකතුව රුපියල් ලක්ෂ 24 ක් බවද වාර්තා වනවා.

එම කාලය තුළදී නුවරඑළිය සෙන්පති නිවසේ විදුලි බිලේ එකතුව රුපියල් දහඅට ලක්ෂයක්.

මෙම විදුලි සබඳතාවලට අමතරව,මාදිවෙල මන්ත්‍රි නිවාස සංකීරණය සඳහා විදුලි සබඳතා 120 ක් සහ ජයවඩනගම නිලධාරී නිල නිවාස සඳහා විදුලි සබඳතා 15 ක් තිබෙන බවද පාර්ලිමේන්තුව සඳහන් කර තිබෙනවා.

මාදිවෙල මන්ත්‍රි නිල නිවාසවල දැනට මන්ත්‍රිවරුන් 109 දෙනකු පදිංචිව සිටින අතර මෙම නිවාස වලට අදාළ විදුලි බිල්පත් පාර්ලිමේන්තුව විසින් ගෙවා ඒවා පසුව මන්ත්‍රිවරුන්ගේ වැටුපෙන් අඩු කරගන්නා බවද පාර්ලිමේන්තුව පවසනවා.

මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රි නිල නිවාසවලට අදාළව ඉකුත් මැයි සිට ඔක්තෝබර් දක්වා වූ මාස හයක කාලයේ විදුලි බිල්පත්වල එකතුව රුපියල් ලක්ෂ 46 ක්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *