‘ෆේස්බුක් හරහා වෛරය වැපිරූ’ පුද්ගලයෙක් අත්අඩංගුවට

75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළා යයි කියන පුද්ගලයෙකු ව මහරගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි.


සැකකරු 40 හැවිරිදි පුද්ගලයෙකි.

පුද්ගලයකු සිය ෆේස්බුක් හි මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් (පොස්ට්) පළකර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.

 ”ඔබත් 75 නිදහස් උලෙළේ ආරාධිත අමුත්තෙක් ද ? එසේ නම් ජනතා උත්තමාචාර මැද බේරේ වැවේ දිය  කෙළීමට සූදානම්ව පැමිණෙන්න” යැයි සැකකරු විසින් ඔහුගේ මුහුණුපොතේ අදහස් පළ කර තිබූ බව පොලිසිය පවසයි.

wasantha post 2023

සැකකරු ඉහත ආකාරයෙන් මහජන කැලඹීමක් ඇතිවන ආකාරයේ අදහස් (පෝස්ට්) විවිධ ආකාරයෙන් සකස්කර ඔහුගේ මුහුණු පොතට ඇතුළත් කර තිබූ බව පරිගණක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතයි පොලිසිය කියයි

ඒ අනුව එලෙස අදහස් පළ කළ සැකකාර පුද්ගලයාගේ මුහුණු පොතේ ගිණුම පරීක්ෂාකර ඔවුන්ගේ සවිස්තර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

සැකකරුව නුගේගොඩ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *