නිදහස් වේදිකාවේ ඇදකුද සොයමින් රූගත කළ NGO කුක්කෝ දෙකක් මාට්ටු..!

75 නිදහස් උත්සවය වෙනුවෙන් ගාලුමුවදොර ඉදිකරමින් පවතින වේදිකාව ඇතුලු ස්ථාන ඡායාරූප ගතකරමින් සිටි අරගල ක්‍රියාකාරි සමාජිකයකු හා සමාජිකාවක  අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරිය බව පොලිසිය පවසයි.

මොවුන් දෙදෙනා පෙරේදා රාත්‍රි 8..00 ට පමණ එම ස්ථාන අනවසරන් ඡායාරූප ගතකරමින් සිටියදී එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්  අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියට බාර දී ඇත.

මොවුන් දෙදෙනා කොළඹ හා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනාගෙන ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් පොලිස් ඇප මත මුදාහැර ඇත.

කොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *