කොරේ පිටට මරේ…! මොරටුව පුංචි ඇඟළුම්හල ගින්නට බිලි..!

මොරටුව රාවතාවත්ත හයවැනි පටුමගේ ඇගලුම් කම්හලක් පවත්වාගෙන ගිය දෙමහල් නිවෙසක ඇති වු විශාල ගින්නෙන් දේපලවලට දැඩිලෙස හානි සිදු වී ඇති බව මොරටු මහනගරසභා ගිනි නිවන ඒකකයේ ස්ථාන භාර ප්‍රධාන නිලධාරි දුල්සිරි කුමාර මහතා පැවසීය.

මොරටුව මහ නගරසභාවේ ගිනි නිවන රථ තුනක් ජල බව්සර් දෙකක් යොදා ගනිමින් ගින්න නිවා දැමු බව සදහන් කරන දුල්සිරි මහතා ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පැවසිය.

ගිනි  ලක් වු දෙමහල් ගොඩනැගිල්ලේ කොරෝනා ආරක්ණිත ඇගලුම් ගබඩාවක් තිබු බව දුල්සිරි මහතා පැවසීය.

ගින්නෙන් ජිවිත හානි කිසිවක් නැති බව ඒ මහතා පැවසිය

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *