ජපානයෙන් මිලියන 100ක්..!

ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාව හා ප්‍රතිසංවිධාන කටයුතු සදහා අඛණ්ඩව සහාය ලබාදීමට නිරන්තරයෙන් ක්‍රියා කරන බවත්, එම කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජපන් යෙන් මිලියන 100 ක ප්‍රදානයක් ලබා දෙන බවත්, ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටකෙයි ෂුන්සුකේ මහතා සදහන් කළේය.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සමග පසුගිය 3 වැනිදා අධිකරණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවට සහයෝගය ලබා දෙන රටක් ලෙස ජපානය මුලින්ම ඉදිරිපත්වෙමින් එම අර්බුදය කළමණාකරණය කර ගැනීමට කටයුතු කිරීම පිළිබදව ජපන් රජයට මෙහිදී ප්‍රථමයෙන් ස්තූතිය පළ කළ අමාත්‍යවරයා නව රජය මාස හයක පමණ කාල පරිච්ඡේදය තුළ ජනතාවාදීව තීන්දුවක් ගනිමින් රජයක් ලෙස ජනතාවගේ අයිතින් සුරක්ෂිත කරමින් මානව නිදහස ශකිත්තිමත් කිරීම සදහා නව පනත් 24 ක් ගෙන ආ බවත්, විශේෂයෙන් යුද්ධයෙන් පිඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු නිරාකරණය කර ගැනීමට රජය විශාල වැඩ කොටසක් ඉටු කර ඇති බව මෙහිදි සදහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *