රුපියල ශක්තිමත් වීමත් සමග පොහොර මිලට වෙන්න යන දේ මෙන්න…!

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අද (08) පාර්මේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“පොහොර මිලේ අඩුවීමක් දකින්ට ලැබෙනවා. ඒක ඇත්ත. අපි රජය විදිහට ගෙනාපු පොහොර තියෙන්නේ වැඩි මිලට ගෙනාපු පොහොර. ලෝක වෙළෙඳපොලේ මිල අඩුවීම සහ ඩොලරයට සමානුපාතිකව රුපියල ශක්තිමත්වීම සමග ඊළඟට එන පොහොර නැවේ ඉදලා රුපියල් 9,000කට පහළින් මිලකට පොහොර ලබාදෙන්න කටයුුතු කරනවා. ලබන සතිය තුළම ඒ වාසිය අපි මේ රටේ ජනතාවට ලබාදෙන් කටයුතු කරනවා. 

අපි බණ්ඩි පොහොර ගෙනත් තියෙන්නේ 19,500ක්. ඒ බණ්ඩි පොහොර රුපියල් 4,500ක් අඩුකරලා රුපියල් 15,000 බැගින් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ගොවි ජනතාවට නොමිලේම මේ වනවිටත් ලබාදීලා තියෙනවා. ඒ නිසා මේ වතාවේ යල කන්නයේදී පොහොර වර්ග 3ම, කන්න 3කට පස්සේ තමයි මඩ පොහොර ටික දෙන්නේ. යුරියා සාධාරණ මිලකට නිසා ප්‍රමාණයට ලබාදෙන්නේ.”

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *