ජවිපෙට රතු එළියක්

පොහොට්ටුව සෑම විටම ජීවිත බේරාගැනීමට කටයුතු කළ පක්ෂයක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, තම පාක්ෂිකයින්ට හිරිහැර කරපු පිරිසට ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ඉන්ධන ටික එනවා, ගෑස් ටික තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ටික අද රටට එනවා. අපිට මේ මට්ටමෙන් තව මාස 6ක් කරගෙන ගියොත් අපිට පුළුවන්කම ලැබෙයි ශක්තිමත් රාජ්‍යයක් තුළ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසඳගෙන යන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරන්න. ඒ සඳහා අපි කැපවෙලා ඉන්නවා. අපි දාලා ගියේ නැහැ. අද මාලිමාවේ අයට අපි කියනවා, මට මේක කියන්න එපා කියලා හැමෝම කිව්වා. හැබැයි මම මේක කියනවා. රෙජී රණතුංග මහත්තයා බෝධි සත්ත්වයෙක්. හැබැයි ප්‍රසන්න රණතුංග බෝධි සත්ත්වයෙක් නෙමෙයි කියන එක අපි කියනවා. අපේ පාක්ෂිකයින්ට හිරිහැර කරපු මිනිස්සු නිත්‍යානූකූල විදිහට හෝ නිල නොවන විදිහට වන්දි ගෙවන්න අවශ්‍යයි. මේ ජෙවිපිකාරයෝ දැනගන්නත් ඕනේ, අපි ආඩම්බරයෙන් කියනවා අපි පොහොට්ටුවේ නියෝජිතයෝ. පොහොට්ටුව ජීවිත බේරගත්ත පක්ෂයක්. මිනී මරපු නායකයෝ අපේ පක්ෂයේ නැහැ. මාලිමාව වුණා කියලා පසුබිම වෙනස් කරන්න බැහැ.”

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *