පහළ ආ රන් මිල අධි වේගයෙන් යළි ඉහළට

පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ආ රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 160,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා (09) කැරට් 22 රන් පවුමක මිල රු. 134,000 ක් දක්වා පහළ වැටී තිබුණි.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා රු. 145,000 ක් දක්වා පහළ ගොස් තිබුණු කැරට් 24 රන් පවුමක මිල අද වන විට රු. 173,000 ක් දක්වා වැඩි වී ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සතියේ රත්‍රං මිලෙහි සීඝ්‍ර පහළ යාම සම්බන්ධයෙන් අප කළ විමසීමක දී, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ, වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ, සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පැවසුවේ මෙය තාවකාලික තත්ත්වයක් බවයි.

“ඩොලරය 362 සීමාවේ සිට 307 දක්වා අඩුවුණු විගසම රත්‍රං මිල රු. 40,000 කින් පමණ අඩු වුණා. නමුත් එය ගණනය කිරීම්වලට ඇතුළත් කරගත්තාම ඒක සාමාන්‍යයෙන් අපිට හිතාගන්න බැරි අගයයකින් තමයි එලෙස රත්‍රං මිල පහළ ගියේ. මෙය අනිවාර්යයෙන්ම තාවකාලික තත්ත්වයක්.“

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *