බස් එක පක්ෂෙන්..! අරමුදල් පිටරටින්..! කහ බත් පැකට් එකයි ගෙදර පෙරපු සුදුවා කාලයි..! රටපුරා ජනරැලි වලට එන අයට ජවිපෙන් දෙන අලුත්ම පැකේජය මෙන්න..!

ජනතා විමුක්ති පෙරමුණේ ආසන බල මණ්ඩල සඳහා පිටත දිස්ත්‍රික්ක වලින් ජනතාව රැගෙන එන බව මේ වන විට එම පක්ෂය පවා පිළිගන්නා ප්‍රසිද්ධ කරුණක්.

මුදල් අරක්කු සහ ආහාර ලබා දෙමින් අනෙකුත් පක්ෂ තම දේශපාලන රැස්වීම් සඳහා ජනතාව කැඳවන බවට අවලාද නගමින් සිටී ජනතා විමුක්ති පෙරමුණ ද මේ වන විට අනුගමනය කරමින් සිටින්නේ එම පක්ෂ වලට නොදෙවෙනි ක්‍රියාවලියක් බව අපට වාර්තා වේ.

ඒ අනුව කොළඹ පැවැත්වෙන ආසන බල මණ්ඩල සඳහා සහභාගි වන්නෙකුට බත් පැකට් එකක් සහ ගමේ පෙරන ලද හොර අරක්කු හෙවත් සුදු කසිප්පු භාගයක් ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණේ කොට්ඨාශ සංවිධායකවරුන් කටයුතු කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ

මේ සඳහා අවශ්‍ය සුදු කසිප්පු ලබා දෙන්නේ වයඹ පළාත නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ කොට්ඨාශ සංවිධායකවරුන් බවත් ඒවා තම නිවෙස් ආසන්නයේ ඇති ලඳු කැලෑවල නිෂ්පාදනය කරන බවත් අපට වාර්තා වේ.

ඒ කෙසේ වෙතත් ජනතා රැලිය අවසන් වී නිවසට යන අතර මගදී මෙම කසිප්පු බෝතල් ජනතාවට ලබාදීම නිසා ඒවා බාහිර සමාජයට නිරාවරණය නොවන බැවින් මෙතෙක් කලක් අති සාර්ථක ක්‍රමවේදයක් ලෙස පක්ෂය මගින් මෙය ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

ජනතා විමුක්ති පෙරමුණට සාමාජිකයන්ගේ හිඟතාවයක් පවතින බැවින් මහ පාරේ සිටින පක්ෂයේ සාමාජිකයන් නොවන තරුණයන්වද කොළඹ බලන්නට කියමින් විනෝද චාරිකාවක් ලෙසින් රැස්වීම් සඳහා රැගෙන ඒම ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන විලාසිතාව බවට පත්ව ඇති බව සඳහන්.

ලංකාව වටේම පැවැති ජනතා විමුක්ති පෙරමුණේ ජන රැළි වලට සෙනග ගෙන්නුවේ මෙලෙසින් බවයි අපට වාර්තා වන්නේ..

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *