කරන්න පුළුවන් දේවල් විතරක් කියන්න..! අරමුණ වැඩ නොකර ඉන්න එක බව කී ලාල්ට පැලවත්තෙන් බකට් එකක්..!

වැඩ කරන රාජ්‍ය සේවකයන් මහමගට ගෙනැවිත් වැඩ නොකර සිටීමට කටයුතු සැලැස්වීම තම අභිප්‍රාය බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මහතාට පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයෙන් දැඩි විරෝධය පළ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

වර්තමාන ජන සමාජය අරගල උද්ඝෝෂණ ප්‍රතික්ෂේප කරන මොහොතක, නව ව්‍යාපාර ආයෝජන රැකීරක්ෂා අවස්ථා සඳහා යොමු වෙමින් සිටින මොහොතක සාම්ප්‍රදායික ජන අරගල මෙහෙයවමින් ජනතාවට මහා මාර්ගයට පැමිණීමට ආරාධනා කිරීම තුළ ජනතා විමුක්ති පෙරමුණ නැමැති දේශපාලන පක්ෂය ප්‍රතික්ෂේප කිරීමට ජනතාව තුළින්ම ප්‍රවණතාවක් මතුවී ඇති බව වටහාගෙන ඒ අනුව කටයුතු කරන ලෙසට පැලවත්ත පක්ෂ මූලස්ථානයෙන් ඔහු හට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව ඉදිරියේ දී උද්ඝෝෂණ වැඩවර්ජන වෙනුවට විකල්ප ක්‍රමවේදයන් තුළින් පක්ෂය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද එම ප්‍රබලයා පවසා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් දිනෙන් දින තම පිලේ බලය තහවුරු කරගැනීමට උත්සාහ කරන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ කණ්ඩායම විසින් දියත් කර ඇති ටිල්වින් සිල්වා පිලේ කටු කැපීමේ එක් තීරණාත්මක සංධිස්ථානයක් ලෙස මෙම දුරකථන ඇමතුම හැඳින්විය හැකි බවයි විශ්ලේෂක අදහස වී ඇත්තේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *