පාසල් සිසුවෙකුට මරු කැඳවූ අනතුර

ගල්ගමුව පාලුකඩවල අතරගල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

තිදෙනකු ගමන් කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව ඇළකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබු තිදෙනා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී 15 හැවිරිදි පාසල් සිසුවා මියගොස් තිබේ.

එම සිසුවා විසින් යතුරු පැදිය ධාවනය කර ඇති බවට හඳුනාගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *