මුදලිගේ පෙරටුගාමීන්ට කොකා පෙන්වයි….!

පසුගියදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස මධුෂාන් චන්ද්‍රජිත් පත් වීමත් සමග එතෙක් හිටපු කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ එම වගකීමෙන් නිදහස් වීමෙන් අනතුරුව මේ රටේ ජනප්‍රිය මාධ්‍ය ජාලයක් හා එක්ව ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට වසන්ත මුදලිගේ තවදුරටත්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කටයුතුවලට මැදිහත් වීමේ අරමුණින් පෙරටුගාමී පක්ෂයේ රැදෙමින් අදාළ මාධ්‍ය ජාලයේ දේශපාලන උවමනාව වෙනුවෙන් කටයුතු කිරීමට එකඟවී ඇති බවත්, ඒ වෙනුවෙන් වටිනා මූල්‍ය ගෙවීමක් අදාළ මාධ්‍ය ආයතනය විසින් සිදුකිරීමටත් එකඟතාව පළකර ඇත. විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ගමන්මග වෙනුවෙන් සිය මාධ්‍යය අවභාවිත කරන ප්‍රබල මාධ්‍ය ආයතනයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන මෙම මාධ්‍ය ආයතනය වසන්ත මුදලිගේ ඇතුළු මෙරට ශිෂ්‍ය ක්‍රියාකාරී දේශපාලනය ද ඒ සඳහා යොදාගැනීමට අවශ්‍ය සැලසුම් එකඟතා මෙහිදී සිදුකර ඇති බවද වාර්තා වේ.

මෙසේ එකඟතාවට එළැඹ ඇත්තේ, බොරලැස්ගමුව මහරගම පාරේ පිහිටි හෝටලයකදීය. ඒ සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ ඇතුළු තවත් ශිෂ්‍ය ක්‍රිකාරීන් පිරිසක් සහභාගි වී ඇති අතර අදාළ මාධ්‍ය ආයතනය නියෝජනය කරමින් එහි ප්‍රධානීන් කිහිපදෙනෙකු ද අදාළ සම්බන්ධීකරණ කටයුතු කළ (පසුගිය කාලයේ අරගලයේ මධ්‍යවේදියා ලෙස නාමකරණය කළ) ජ්‍යේෂ්ඨ මාධ්‍ය වේදියා ද සහභාගි වී ඇත.

අදාළ දේශපාලන ගනුදෙනුව සම්බන්ධ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා, අවසානයේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර මධ්‍යම රාත්‍රිය පසුවන තුරු මෙම සාදය පවත්වා ඇත. මේ සඳහා “බ්ලැක් ලේබල්” වර්ගයේ විදේශීය මත්පැන් මෙන්ම දේශිය මත්පැන් වර්ග ද සපයා ඇත. මෙම සාදයේ විශේෂත්වය වන්නේ අදාළ මත්පැන්වල බිලට අමතරව මෙම සාදය සඳහා ලබා දුන් “බයිට්” වර්ග වෙනුවෙන් රුපියල් හැත්තෑදහසකට ආසන්න බිල්පතක් අදාල හෝටලය විසින් ලබා දී ඇති අතර, එම බිල්පත පියවා ඇත්තේ මුදලිගේට පාරකියන මාධ්‍ය ආයතනය නියෝජනය කළ අරගලයේ මාධ්‍යවේදියා විසින් වීමයි.

මෙම තොරතුර සනාථ කිරීමට අප සතුව අදාල බිල්පත්වල ඡායාරූප පවා ඇති බව අප මෙහිදී අවධාරණය කරන අතර, යම් අයෙකු විසින් මෙම තොරතුර අසත්‍ය යැයි පවසා නීතිය හමුවේ අභියෝගයට ලක් කරන්නේ නම්, එහිදී අදාල බිල්පත් සමඟ ඡායාරූප තොරතුරු ඉදිරිපත් කිරීමට අපට හැකි බව ද මෙහිදී අවධාරණය කරමු.

මුලාශ්‍රය – මුහුණු පොතෙන්

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *