ජනපති සහ පොදුජන පෙරමුණ අතර ගැටුමක් නෑ..! ප්‍රසන්න රණතුංග

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර කිසිම ගැටුමක් නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස  අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජනපති සහ පොදුජන පෙරමුණ අතර ගැටුමක් තිබෙන බවට උලුප්පා පෙන්වන්නට සමහරුන් උත්සාහ ගන්නා බවද අමාත්‍යවරයා කීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට  පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ලබා දුන්නේ ඔහුගේ පලපුරුද්ද අභියෝගවලට මුහුණදීමේ හැකියාව ගැන හොඳින් සොයා බැලීමෙන් පසුව මිස ආවට ගියාට නෙවෙියැයි ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට  ගත හැකි සියලු ක්‍රියාමාර්ග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වනවිට ගෙන ඇතැයි ද රණතුංග මහතා කීය.

 ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අනුව මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු ඇතැයි ජනතාවගේ  දැඩි විශ්වාසයක් පවතින බවද ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *