අද සිට මිල පහළ යන ඖෂධ මෙන්න

අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ කාණ්ඩ 60ක මිල 16% කින් අඩු කරමින් පසුගිය 15 වනදා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ යම් ඖෂධ නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු හෝ බලයලත් ඕනෑම පාර්ශවකරුවෙකු ගැසට් නිවේදනය මඟින් දක්වා ඇති සංශෝධිත මිල ගණන් යටතේ පමණක් අදාළ  ඖෂධ අලෙවිකිරීම සිදුකළ යුතු බවය.

ඒ අනුව පැරසිටමෝල්, ඇමොක්සලීන්, තයිරොක්සින් සහ ග්ලිපිසයිඩ් ඇතුළු කාණ්ඩ 60ක අත්‍යවශ්‍ය ඖෂධ මිල මෙමඟින් සංශෝධනය කර තිබේ.

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, පසුගිය සමයේ සිදුවූ ඖෂධ මිල ඉහළ යාමට සාපේක්ෂව ජනතාවට සහනයක් ලබා දීමට නම් අදාළ ඖෂධ වල මිල ගණන් තවදුරටත් අඩුවිය යුතු බවය.

මිල ගණන් සංශෝධනය කළ ඖෂධ ලැයිස්තුව පහතින් දැක්වේ.

මිල අඩු කෙරෙන ඖෂධ ලැයිස්තුව මෙන්න by poornima on Scribd

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *