ජවිපෙ මණ්ඩලේ කචල් එලියට..! ටිල්වින් පිලට බියෙන් ජවිපෙ මොරටුව ආසන බල මණ්ඩලයට ආරක්ෂාව ඉල්ලා අනුරගෙන් ඉල්ලීම් ලිපියක්..!

ජනතාව වෙත පෙරමුණේ මොරටුව ආසන බලමණ්ඩලය සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙස එහි නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ ඉල්ලීමක් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

එම ඉල්ලීමට අනුව එම ස්ථානයට විශේෂ කාර්ය බළකා සෙබළුන් ගේ විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර එය හුදෙක් පක්ෂ නායකයෙක් විසින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්විමක් පමණක් බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ කෙසේ වෙතත් ඒ බව නොදත් අසරණ පාක්ෂිකයන් මේ තත්ත්වය පිළිබඳව විවිධ අර්ථකථන ලබා දෙමින් වීඩියෝ නිකුත් කරන ආකාරය ද සමාජ මාධ්‍ය තුළ අපට දර්ශනය වූ අතර බොරුවෙන් සැමවිටම ජයගැනීම උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුණේ තවත් බොරුවක් අතේ පත්තු අවස්ථාවක් ලෙස දේශපාලන විශ්ලේෂකයින් මේ අවස්ථාව සඳහන් කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *