මහාවංශය ලෝක උරුමයන් අතරට..!

යුනෙස්කෝ සංවිධානය විසින් මහාවංශය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

2023 ලෝක උරුම ලැයිස්තුව වෙත අලුතෙන් වාර්තා 64ක් එක්කර ඇති අතර ඒ අනුව සමස්ත ලෝක උරුම ලැයිස්තුවේ අංග සංඛ්‍යාව 494 දක්වා ඉහළ ගොස් තිබේ.

මහාවංශය ලෝක උරුම ලේඛනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් යුනෙස්කෝ සංවිධානය පවසන්නේ ක්‍රිස්තු පූර්ව 06වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන පරිදි මහාවංශයේ තොරතුරු ඇතුළත් බවය.

ලොව දිගම නොබිදුණු ඵෙතිහාසික වාර්තාවලින් එකක් ලෙස මහාවංශය සැලකේ.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ මඟින් ලේඛනයේ දක්වා ඇති කරුණුවල සත්‍යතාව තහවුරු වී ඇති බව යුනෙස්කෝ සංවිධානය පවසයි.

මහාවංශය බුදුන්වහන්සේ, අශෝක අධිරාජ්‍යයා සහ ලෝක ආගමක් ලෙස බුදුදහමේ නැඟීම පිළිබඳ තීරණාත්මක තොරතුරු අඩංගු දකුණු ආසියාවේ වැදගත් මූලාශ්‍රයක් වේ.

රටවල් කිහිපයක මහාවංශයේ අත්පිටපත් ගණනාවක් පවතින අතර අග්නිදිග ආසියාතික සහ යුරෝපා භාෂා කිහිපයකට එය පරිවර්තනය කර තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *