03හැවිරිදි හම්දි දැරියගේ ජීවිතය අහිමිකළ වෛද්‍යවරයා පවුල් පිටින් ඔස්ට්‍රේලියාවට පැනලද..?

වෛද්‍යවරයෙකුගේ වැරදි නිසා වකුගඩු සැත්කමක් සඳහා රිජ්වේ ආර්යා රෝහලට ගිය මොහොමඩ් හම්දි නැමැති 3 හැවිරිදි දරුවා මියයාම රටේ ජනතාව අතර විශාල කම්පනයක් ඇති කරමින් රටවැසියන් සියළුමදෙනාගේ අවධානයට යොමු කරමින් සිටිනවා…😢

වැරදි ලෙස වකුගඩු සැත්කම කරලා මෙතරම් ඉක්මනින් පවුල් පිටින් රට පැන්න වෛද්‍යවරයා දැනට ඔස්ට්‍රේලියාවේ සිටින බවට ප්‍රසිද්ධ මාධ්‍යයක් ඊයේ වාර්තා කලා.

මොහු ආචාර්ය නවීන් විජේකොන් ළමා රෝග විශේෂඥයා සහ වකුගඩු විශේෂඥයා කොළඹ, ගම්පහ සහ මීගමුව ප්‍රධාන පෞද්ගලික රෝහල්වල සායනයේ යෙදුණු කෙනෙක්ලූ…

හම්දිගේ වකුගඩු දෙකම ඉවත් කළ සැත්කමෙන් දින කිහිපයක් ඇතුළත මේ වෛද්‍යවරයා රටින් පැන ගියේය.

ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය වෘත්තියේ නියැලෙමින් සම්මන්ත්‍රණවලට සහභාගි වන බවද තහවුරු වී තිබේ.

හම්දි දරුවාට වූ මෙම අසාධාරණය ගැන පිළිගත හැකි සාක්ෂි සහිතව ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයට සහ එරට වෛද්‍ය සභාවට නිසි පැමිණිල්ලක් කළහොත් වෛද්‍ය නවීන් විජේකෝන්ව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන බව නිසැකය.

මෙම වෛද්‍යවරයාට එරෙහිව නිසි දඩුවමක් ලබාදිය යුතු බව අප කාගේත් අපේක්ෂාවයි. අද හම්දි දරුවාට වූ මෙම ඉරණම හෙට ඔබටද සිදුවෙන්න පුළුවන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *