නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ

එයාර් වයිස් මාර්ෂල් උදේනි  රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටී.

ගුවන් හමුදාපති  එයාර් මාර්ෂල්  සුදර්ශන පතිරණ මහතා අද  (29) විශ්‍රාම ලැබීය.  උදේනි රාජපක්ෂ මහතා පත් කෙරුණේ ඒ අනුවය.


උදේනි රාජපක්ෂ මහතා  ගුවන් හමුදාපති ධූරයට පත්වීමට පෙර ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළේය. ඔහු  මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වූයේ 2022 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදාය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන රාජපක්ෂ මහතා යුද සමයේදී ගුවන් මෙහෙයුම් රැසකට
දායකත්වය දුන්   පළපුරුදු ගුවන් නියමුවෙකි.

ඔහු ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම    සහ  බණ්ඩාරනායක   යන පාසල්වලින් මූලික අධ්‍යාපනය ලබා  ද්විතීක අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් විය.

රාජපක්ෂ මහතා ගුවන් හමුදාවට 1988 වර්ෂයේදී බැඳී ඇත්තේ කැඩෙට් නිලධාරියකු වශයෙනි. ඔහු 1990 වසරේදී පියසර නිලධාරියකු ලෙස අධිකාරි ලැබීය.

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු වන උදේනි රාජපක්ෂ මහතා  ප්‍රහාරක  සහ  මගී ප්‍රවාහන ගුවන්යානා දහයක් පැදවීම සම්බන්ධයෙන් ප්‍රවීණතා ලැබූවෙකි.

උදේනි රාජපක්ෂ මහතා  ගුවන් හමුදා මූලස්ථානයේදී  හෙට ( 30) පෙරවරුවේ ගුවන්   හමුදාපති ධූරයේ  වැඩ බාර ගැනීමට නියමිතය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *