දැන් ඇති..! රංගේ ඔයා ගෙදර යන්න..! එජාප මහ ලේකම්ට එරෙහිව කොළඹින් දැවැන්ත කැරැල්ලක්..!

පක්ෂ විනය කඩකරමින් අත්තනෝමතිව කටයුතු කරන එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පුත්තලම දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර ට එරෙහිව කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබලයන් කිහිපදෙනෙකුගේ නායකත්වයෙන් සටන් අරඹා ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර ඇත.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන පරිදි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ හිටපු මන්ත්‍රිවරුන් ආසන සංවිධායකවරුන් පක්ෂ ක්‍රියාකාරීකයන් ඇතුළු පාර්ශව රැසක් මේ සටන සදහා තම දායකත්වය ලබාදි ඇති අතර එම තත්වය වඩාත් උග්‍රවීමට තුඩුදුන් ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ පක්ෂ මහ ලේකම්වරයාට එරෙහිව එලිපිටම සටන් වදින මුහුණුපොත තුල අදහස් පලකරන කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබල සිවිල් ක්‍රියාකාරින් කිහිපදෙනෙකුට අපහාස වන අයුරින් පක්ෂ ක්‍රියාකාරින් අතර සැලසුම් සහගතව බෙදාහැරෙන පෙත්සමක් බව සදහන්.

පසුගිය දිනක මේ පෙත්සම පිළිබඳව දැනුවත් කිරීම සඳහා මේ පිරිස ජනාධිපති උපදේෂක සාගල රත්නායක මහතා හමුවී ඇති අතර පක්ෂය තුළ මහ ලේකම්වරයා සමග කටයුතු කිරිමේදි නිර්මාණය වී ඇති ගැටළුකාරි තත්වය පිළිබඳව මේ පිරිස විසින් සාගල රත්නායක මහතා දැනුවත් කර ඇති බව සඳහන්.

පක්ෂයට ආදරේ කරන සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් හට මෙලෙස දිගින් දිගටම ප්‍රහාරයන් එල්ල කිරිම ඉතා කණගාටුදායක කරුණක් බවත් මේ පිළිබදව ඉදිරි ක්‍රියාමාර්ග ගැනිමට තමන් බලාපොරොත්තු වන බවත් එහිදී සාගල රත්නායක මහතා අවධාරණය කර ඇති බව සඳහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *