මුතු රාජා අරන් යන්න රුසියන් කුරුල්ලා කටුනායකට

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ මුතු රාජා ඇතා, යළි ආපසු රැගෙන යාම සදහා රුසියානු “ඉලුෂියන් ”  වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (30) රාත්‍රීයේ පැමිණ ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම ඒ.ඉසෙඩ්.එස්.- 5701දරන ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රාත්‍රී 11.30ට පැමිණ තිබුණි .

මුතු රාජා ඇතා දෙහිවල සත්වෝද්‍යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ බලාඅද (01) මධ්‍යම රාත්‍රී 12.00  පිටත් වීමට නියමිතය .

මුතු රාජා ඇතා රැගත් මෙම රුසියානු ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා හෙට (02) අලුයම 03.00 ට පමණ  පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *