එදා ගෝටාභයට තිබූ රැල්ල අද මාලිමාවටයි..- අනුර ස්වීඩනයේදී

ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය හුවමාරුවීම වැළැක්වීම සඳහා සියලු සතුරු පාර්ශවයන් එක්වෙමින් සිටින බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් ප්‍රධාන කාර්යභාරයක් ඉටුකද බවද පැවසූ ඒ මහතා අද වන විට එම කණ්ඩායම්වල ප්‍රධාන තේරීම බවට ජාතික ජන බලවේගය බවට පත්ව ඇති බවද පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රම වෙනසක් බලාපොරොත්තුවෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන් ප්‍රචාරක කටයුතුවල නිරත වන බවත් එම වෙනස සිදු කිරීමට ඔවුන් තෝරා ගෙන ඇත්තේ ජාතික ජන බලවේගය බවත් දිසානායක පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැති එම පක්‍ෂයේ ජන හමුවක් අමතමිනි.

ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට විදේශගත ලාංකිකයන් ප්‍රධාන කාර්යයක් ඉටුකළා සේම ජනතා අපේක්ෂා බිඳ දැමූ පසු ගෝඨාභය ගෙදර යා යුතු බවට මහජන මතයක් ඇති කිරීමටද  කටයුතු කල බවත් කියා සිටියේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *