රාජකාරියට පිටින් ගිය පී.සී ගෙදර

නිල බලය අයුතු ලෙස යොදාගෙන ගොඩනැගිලි අබිලි ද්‍රව්‍ය කොටස් අත්තිඩිය වන රක්ෂිතයට බැහැර කළ බව කියන දෙහිවල පොලිසිය රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු ගේ වැඩ  තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම පොලිස් කොස්තාපල්වරයාට අයත් බව කියන ටැක්ටරය රියදුරකුට සහ තවත් පුද්ගලයකුට ලබාදී ඔවුන් මගින්ගොඩනැගිලි අබිලි ද්‍රව්‍ය කොටස් තොගයක් අත්තිඩිය රක්ෂිතයට මුදා හැරීමක් සිදු කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

මේ අවස්ථාවේ එම ටැක්ටරේ පැදවූ රියදුරා සහ සහායකයා වනජීවී නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

ගල්කිස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැර ඇතැයි පොලිසිය කියයි.

ටැක්ටරය තමාගේ නොවන බවත් එය බදු පදනම මත ලබා දුන් එකක් බවත් සඳහන් කරමින් පොලීසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙස අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටී රියදුරාට මෙම කොස්තාපල්වරයා බලපෑම් කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

රියදුරා විසින් මේ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු විමර්ශනයක් පවත්වා මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *