ඊයේ කොටස් වෙළෙඳපොළ තවත් කඩඉමක් පසුකරයි. සියලු කොටස් 10,500 අභිබවයි..!

ඊයේ (14) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී කඩඉමක් පසුකරනු ලැබීය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,500 සීමාව අභිබවා ගිය අතර 2022 මාර්තු 14 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකය මෙම සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා වේ.

ඊයේ දින ඒකක 103.50 ක වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකයෙහි වාර්තා වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 10,568.02 ක් ලෙසින් සටහන් විය.

ඊයේ දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට සමාගම් 108 ක් විසින් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණු අතර එහිදී කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, හේලීස් සහ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් යන සමාගම් ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.

රු. බිලියන 2.70 ක පිරිවැටුමක් ඊයේ දින වාර්තා වී තිබේ.

ලංකා IOC (රු. මිලියන 303), හේලීස් (රු. මිලියන 163), කැපිටල් එලයන්ස් (රු. මිලියන 153), හේකාර්බ් (රු. මිලියන 125), සම්පත් බැංකුව (රු. මිලියන 124), HNB (රු. මිලියන 120) යන සමාගම් වෙතින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *