රට ‌වටේ බොරු පතුරන්නේ නැතිව හැකිනම් සර්ව පාක්ෂික කමිටුවට ඇවිත් යෝජනා දෙන්න..! එජාපයේ උපුල් මාලේවනගෙන් ජවිපෙට අභියෝගයක්..!

අසත්‍යය පතුරවමින් බිල්ලෝ මවමින් ලංකාව පුරා ජනතාව මුලා කිරිම පසෙකලා හැකි නම් අද පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගී වී තම යෝජනා ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ කැස්බෑව ආසන සංවිධායක උපුල් මලේවන මහතා ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කර සිටියි..

රට ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පවතින මොහොතක රටේ ප්‍රශ්න විසඳීම සඳහා අදහස් යෝජනා ලබාදීමට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් දේශපාලන පක්ෂ සියල්ලටම සර්ව පාක්ෂික කමිටුවක් සඳහා ආරාධනා කර ඇති පසුබිමක සියල්ලන්ගේ යුතුකම සහ වගකීම වන්නේ පටු පාට පක්ෂ ජාති ආගම් කුල මල භේද පසෙකලා රට ගොඩනැගීමට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදීම බව අප සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ විලසින් රටේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව බිල්ලෝ මවමින් ජනතා විමුක්ති පෙරමුණ ගෙන යන අසාර්ථක දේශපාලන ව්‍යාපාරය මේ වන විට ජනතාව ප්‍රතික්ෂේප කිරීම ආරම්භ කර ඇති පසුබිමක ඔවුන් සමාජගත කළ අසත්‍ය පිළිබඳව මේවනවිට ජනතාව ඉතා හොඳින් කරුණු තේරුම් ගනිමින් සිටින බවද ඔහු අවධාරණය කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *