වැඩි ලාබ ලබන්න ලංකාවට වැඩිපුරම බාල බෙහෙත් ගෙන්නපු වයඹ විපක්ෂ මන්ත්‍රිගේ බෑනා මෙන්න..!

මෙරට ඖෂධ සැපයුම් කරුවන් අතුරින් තත්ත්වයෙන් අසමත් වැඩිම ඖෂධ ප්‍රමාණයක් පසුගිය වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයා ඇත්තේ විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ බෑණාට අයත් සමාගමකින් බව මේ වනවිට අනාවරණය වී ඇත.

අදාල කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීගේ දියණියගේ සැමියාට අයත් අදාළ සමාගම පසුගිය වකවානුවේ සැපයුම් කරන ලද ඖෂධවලින් 10%-24% ප්‍රමාණයක් තත්වයෙන් අසමත් බව තහවුරු වී තිබේ

තවත් විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු අදාළ සමාගම් හිමිකරුගේ ඥාති සොහොයුරෙකි. එමෙන්ම ඔවුන් දෙදෙනා සමකාලීන පාසල් මිතුරන් බවත් පැවසෙයි.

අදාල සමාගම පසුගිය වකවානුවේ සපයන ලද ඖෂධවලින් සැලකිය යුතු ප්‍රමාණයක් තත්ත්වයෙන් අසමත් ඖෂධය.

2015-2022 වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යංශයට ඔවුන් විසින් සපයන ලද ඖෂධ පිළිබඳ සොයා බැලීමේදී මේ බව තහවුරු වී ඇත.

2015     70     7-10.0%
2016    69     8-11.5%
2017    96      6-6.20%
2018    86     13-15.1%
2019    99     14-14.1%
2020   80     19-23.7%
2021    120   23-19.1%
2022    86     10-11.6%

මේ අනුව මෙරටට වැඩිම බාල බෙහෙත් ගෙන්වා ඇත්තේ එම ආයතනය වන අතර 2015-2022 දක්වා සනාථ කෙරුණු තත්වයෙන් අසමත් ඖෂධ වලින් 10-24% ප්‍රමාණයක් සපයා ඇති බවට රාජ්‍ය ඖෂධ සංස්ථාව හා වෛද්‍ය සැපයීම් අංශ වාර්තා සනාථ කර ඇත.

මූලාශ්‍රය – ලංකා සී නිවුස්

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *