ජවිපෙ අනුර දිනනවා කියු සමීක්ෂණය අමු බොරුවක්..! වෙරිටේ රිසච් ආයතනයෙන් නිවේදනයක්..!

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස කතාබහට ලක්වු ජනමත සමීක්ෂණයක් පිළිබදව වෙරි ටේ රිසර් ච් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්

වෙරිටේ රිසර්ච් සිදුකරන ලදැයි කියන සමීක්ෂණයක් හා බැදුණු මැතිවරණ ප්‍රතිඵලයක් දැක්වෙන පහත පෝස්ටුව ෆෙස්බුක් ඔස්සේ හුවමාරු වනු වෙරිටේ රිසර්ච් අවධානයට ලක්විය.

මෙවන් සමීක්ෂණයක් අප සිදුකර නොමැත. එහෙයින් වෙරිටේ රිසර්ච් ආයතනයේ දත්තවලට මෙම පොස්ටුවේ කිසිම සම්බන්ධතාවයක් නොමැත.

මෙය පළකර තිබූ පිටුවෙන් එය ඉවත් කරන ලෙසත් දැනුම් දී, ඇත.,

මෙම පෝස්ටුව වෙනත් තැනක හුවමාරු වනු දුටුවහොත්, මෙම ලින්කුව භාවිතා කර එය සාවද්‍ය බවට අනෙක් පරිශීලකයන් දැනුවත් කිරීමට ඔබට හැකිය.

සමාජ මාධ්‍යවල පළවන තොරතුරු වෙනත් ආයතනවලට සම්බන්ධ කර ඇති අවස්ථාවල දී, ඒවා නිවැරදි බව තහවුරු කරගැනීමට අදාළ ආයතනයේ එම තොරතුරුවලට පරිශීලකයන්ව යොමු කෙරෙන ලින්කුවක් හෝ තිබිය යුතු වේ. එසේ නැති තැන, එම තොරතුරු සැක සහිත ය.

එවන් සැක සහිත තොරතුරු හුවමාරු කරගැනීමෙන් වැළකීම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන සාවද්‍ය ප්‍රචාරයන් මැඩපැවැත්වීමේ පළමු පියවර වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *