රනිල් අනුර සජිත් කැළඹුන රටක් කතාවෙන කොළඹ ජනමත විමසුමක සැගවුනු තොරතුරු එලියට..!

ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ තොරතුරු විශ්ලේෂණ ආයතනයක් විශ්ව විද්‍යාල සිසුන් යොදාගෙන සිදුකරන ලද ශ්‍රි ලංකාවේ දිස්ත්‍රික් කිහිපයක සිදුකරන ලද ජනමත සමීක්ෂණයක කොළඹ දිස්ත්‍රික්කයට අදාල වු තොරතුරු ලැබීමත් සමගින් ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් කෙරෙහි ජනතාවගේ ඇති කැමැත්ත පිළිබද සියලුම පක්ෂ නායකයන් කලබලයට පත්වන අන්දමේ ප්‍රතිඵලයක් ලැබි ඇති බව අපට වාර්තා වේ.

ඒ අනුව මේ මොහොතේ ජනාධිපති මැතිවරණයක් පැවැත්වුවහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට කැමති ප්‍රතිශතය කොළඹ නාගරික සීමාව තුල 27කින් වර්ධනය වී තිබෙන අතර ඒ් අනුව එම සීමාව තුල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 48%ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරන අතරම ග්‍රාමීය මට්ටමේදි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි 38%ක දායකත්වයක් පෙන්නුම් කරන බව අපට වාර්තා වේ.

ඒ අනුව දැඩි වාමාංශික නැඹුරුවක් ඇති කොලොන්නාව කඩුවෙල කැස්බෑව අවිස්සාවේල්ල හෝමාගම වැනි ආසනවල අන් සියළු අපේක්ෂකයින්ගේ ජනප්‍රියත්වය අභිබවා ඉදිරියට පැමිණිමට වර්තමාන ජනාධිපතිවරයා සමත් වී ඇති බව එම දත්ත වාර්තා තහවුරු කර ඇත.

මේ අතරම කොළඹ නගර සීමාව තුල ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අපේක්ෂිත ඡන්ද දායකයන්ගේ කැමැත්ත පිළිවෙළින් සියයට 06කින් හා සියයට 05කින් පහළ බැස තිබේ. ඒ අනුව එම අපේක්ෂකයන් දෙපළට ජනතා කැමැත්ත පිළිවෙලින් සියයට 13ක සහ සියයට 16ක අගයක පවතී. ග්‍රාමීය මට්ටමේදි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන ඇති දායකත්ව අගයන් පිළිවෙලින් සියයට 17ක් සහ සියයට 18ක් බව සදහන්.

ඒ් අනුව එම ජනමත සමීක්ෂණයට සහභාගි වු කොළඹ දිස්ත්‍රික්කය තුල ජීවත්වන ජනතාව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 43%ක දායකත්වයක් මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට 17%ක දායකත්වයක්ද අනුර කුමාර දිසානායක මහතාට 15%ක දායකත්වයක් ද ලබාදී ඇත.

මේ අතර විකල්ප අපේක්ෂකයෙක් වශයෙන් සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කරු ජයසුරිය මහතාට කොළඹ දිස්ත්‍රික්කය තුල සියයට 11ක දායකත්වයක් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනට සියයට 01ක දායකත්වයක් ප්‍රකාශ වි තිබේ.  

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *