ජවිපෙ කුඹුරට ජලයම ඉල්ලන්නේ ගොවි ආදරේට නොව මිලදීගන්නා පුද්ගලික විදුලියෙන් පැලවත්තට කොමිස් කුට්ටිය ලැබෙන නිසා…!

මේ දිනවල රටට ම බලපා ඇති නියග තත්ත්වයත් සමඟ ගොවිතැන ද එසේ නොමැතිනම් ජනතාවට පැය 24 ම විදුලිය ලබාදීම ද යන පිළිතුරු දෙකෙන් එක් සාධනීය පිළිතුරක් තෝරාගැනීම තෙක් වර්තමාන නියං සාය ප්‍රබල වී ඇත..

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ ග්‍රාමීය ගොවි ජනයා සමග එක්වෙමින් විදුලිය එපා ගොවියාට වතුර දෙනු යන සංකල්පය ඔස්සේ තම පක්ෂ යාන්ත්‍රණය මෙහෙයවීම තුළ බැලූ බැල්මට ගොවි ජනතාවට ඇති ආදරය ලෙස එය බාහිර සමාජයට පෙනුනත් මෙහි අභ්‍යන්තර කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්ය.

ගොවියාට වතුර ටික ලබා දෙන විට කොළඹ ඇතුළු නාගරික මිනිස්සු අඳුරේ සිටින්නට කැමති නැත. ඒ නිසා රජයට පුද්ගලික විදුලි බලාගාර වලින් හදිසි මිලදී ගැනීම් සඳහා විදුලිය මිලට ගැනීමට සිදුවේ. ජල විදුලිය නොමැතිව මේ පුද්ගලික විදුලි බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමේදී ඒ සඳහා බලපෑම් සිදු කළ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණට එම ව්‍යාපාරිකයන්ගෙන් විශාල කොමිස් මුදලක් ලැබීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *