කැන්ඩෝස් නිහඩ බව බිදි..! තමන් රකිනවාට පාරිභෝගිකයන්ට කෘතඥ වෙයි.. සමාජ ජාලවල මල් වැසි..

කැන්ඩොස් චොකලට් සම්බන්ධයෙන් සමාජ ජාලවල පලවන ප්‍රචාර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් එම සමාගම විසින් සිදුකරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔවුන් පෙන්වා දෙන්නේ පවතින තත්වය තුල තම සන්නාමය වෙනුවෙන් පෙනී සිට එය නොසැලී ආරක්ෂා කිරීම පිළිබඳව තම පාරිභෝගිකයන්ට කෘතඥ වන බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට සිදු වන විමර්ශන ක්‍රියාවලිය කිසිවිටෙක අවතක්සේරු නොකරන බවද ඔවුන්ගේ නිවේදනයේ දැක්වෙයි.

අදාළ නිවේදනය සම්බන්ධයෙන් ද සමාජ ජාල පරිශීලකයන් විසින් ඉතා ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබේ.

පසුගියදා මහියංගණය ප්‍රදේශයේ චොකලට්ටුවක් තුළ තිබී මිනිස් ඇඟිල්ලක කොටසක් හමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් දැනට විමර්ශන ක්රියාවලියක් සිදුවෙමින් ඇත.

64,596 views

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *