ඉදිරි සතිය තුල මැතිවරණ කොමිසමට නව ලොක්කෙක්..! සාමාජිකයනුත් වෙනස් වෙයි..!

මැතිවරණ කොමිෂන් සභාව සඳහා තෝරාගනු ලැබූ නව සාමාජිකයින් 05 දෙනා පිළිබඳ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියට යොමුකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නව සාමාජිකයින් පත්කිරීම සිදුකරනු ඇති බවය.

පසුගියදා රැස්වූ ව්‍යවස්ථාදායක සභාව විසින් මැතිවරණ කොමිෂන් සභාව සඳහා නව සමාජිකයින් තෝරා ගැනීම සිදුකර තිබේ.

ඒ අනුව එහි සභාපති ධුරය සඳහා හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයෙකු වන ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පත්කිරීමට අනුමැතිය ලබාදී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

ඊට අමතරව කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.ඒ.පී.සී පෙරේරා, හිටපු නීතී කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතීඥ දීපානී කුමාරජීව, නීතිඥ අමීර් ෆායිස් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය රමේෂ් රාමසාමි යන මහත්ම මහත්මීන්ගේ නම් යෝජනා වී තිබේ.

අදාළ යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු වසර 05ක කාලයක් සඳහා ඔවුන්ගේ නිලකාලය ක්‍රියාත්මකය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *