ඔව් මං ගියා.. ඇයි ප්‍රශ්ණයක්ද..? පොත් ඇතුළු බඩු බෙදීමට ගිය සමන්තට සමාජ මාධ්‍යයෙන් පැමිණි ප්‍රතිචාර සමගින් පැලවත්තේ අනුර – ටිල්වින් කදවුරු ගැටුම තවත් උණුසුුුම්..!

ප්‍රධාන පක්ෂවල ප්‍රචාරණ යාන්ත්‍රණය සදහා බඩු භාණ්ඩ පොත්පත් බෙදාදීම සෑමවිටම විවේචනය කරන ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ඉතා සීග්‍රයෙන් එම ප්‍රචාරණ යාන්ත්‍රණ අනුගමනය කරමින් සිටින බව ඔබ අප කවුරුත් දන්නා සාමාන්‍ය කරුණකි.

මෙහි එක් උච්ඡතම අවස්ථාවක් ලෙස ටිල්වින් සිල්වා පිලට හිතවත්කම් දක්වන සමන්ත විද්‍යාරත්න පොත් බෙදාදීමක් සඳහා සම්බන්ධ වී සිටි ආකාරය අපට සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි.

මේ සඳහා සමාජ මාධ්‍ය තුළින් හිතත් දරුණු විවේචන එල්ල වුණු පසුබිමක පැලවත්ත පක්ෂ මූලස්ථානය ද පෞද්ගලිකව අදාළ කරුණ සම්බන්ධයෙන් සමන්ත විද්‍යාරත්න මහතාගෙන් කරුණු විමසා ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

ඔව්.. මට ආරාධනාවක් ආවා.. සාමාන්‍ය මිනිසුන්ගේ වැඩක් නිසා මම එතනට ගියා.. එතනට යන්න පක්ෂ මූලස්ථානයෙන් අවසර ගන්න අවශ්‍ය නෑනේ..

සමන්ත විද්‍යාරත්න ගේ මේ කරුණු මෙම කරුණු දැක්වීමක් සමග දුරකථනය එහා කෙළවරේ සිටී නිලධාරියා විමසා ඇත්තේ

එන්න කිව්වම හැම එකටම යනවද.? යන්න කලින් පොඩ්ඩක් හිතුවා නම් හොඳයි නේද? ඔය කරන වැඩ හින්දා සහෝදරයා, දවස ගානේ වැටෙන්නේ අපි අමාරුවෙන් හදපු පක්ෂයේ අභිමානය යන්නයි..

ඒ කෙසේ වෙතත් ටිල්වින් සිල්වා පිලට සමීප සම්බන්ධතා දක්වන සමන්ත විද්‍යාරත්න ටද මෙලෙස කුඩම්මාගේ සැලකිලි දැක්වීමට හේතුව පක්ෂ අභ්‍යන්තරයේ නිර්මාණය වී ඇති අනුර – ටිල්වින් කල්ලි ගැටුම බවයි දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත්තේ

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *