අනුර…? පිස්සුද හලෝ..! ඒවා කොහෙද මං ඉන්නකම්..! මධුවෙතින් සප්පායම් වු ජවිපෙ ප්‍රබලයා අනුර ගැන කියපු කතාව මෙන්න..!

කලබල නැතිව ඉන්න..! තාම අපේක්ෂකයා තෝරලා නෑ..! මිතුරන් සමග මධුවිතෙන් සප්පායම් ‌වෙමින් හොදටම සූර්වු ජවිපෙ මධ්‍යම කාරක සභිකයා කියලා

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් තෝරා නැති බව මධුවෙතින් සප්පායම් වු අවස්ථාවක එම පක්ෂයේ ප්‍රබලයකු තම සමීපතමයන්ට පවසා ඇති බව අපට වාර්තා වේ.

ලිබරල්වාදී චින්තනයක් දරන හොඳට කන බොන චරිතයක් වන මොහු තම සමීපතමයන් සමග සාදයකට එක් වූ අවස්ථාවක පමණ ඉක්මවා මධුවිතින් සප්පායම් වීමෙන් අනතුරුව පිරිස දේශපාලන කතිකාවතකට අවතීර්ණ වී ඇත.

මචං අනුර ඉන්නකං උඹට නෝ චාන්ස් බං. බලපං උබලා අවුරුදු කීයක් ඕකේ කැඹුරුවද කියලා? ගියපාර 03% අරං අන්න මේ පාරත් ඌලු ජනාධිපතිවරණ අපේක්ෂකයා..

හොඳටම සූර් වී සිටී ජවිපෙ ප්‍රබලයා පිස්සුද මචං මං ඉන්නකං ඒවා කොහෙද? තාම අපේක්ෂකයාව තෝරලාවත් නෑ. තෝරන්න කලින් තමයි ඔය එක එකා ගිහින් තැන තැන කියවන්නෙ. යනුවෙන් පවසා ඇත.

ඒ කෙසේ වෙතත් ප්‍රබල දේශපාලන පක්ෂ තුළ මේ වනවිට නිර්මාණය වී ඇති බල අරගලයම ජනතා විමුක්ති පෙරමුණ තුළ ද නිර්මාණය වී ඇති බව සාදයේ සිටි මිතුරන් නම් හොදින්ම වටහා ගත් බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *