විහාරස්ථාන අන්‍ය ආගමිකයන්ටත් විවෘත වෙයි..! ජාතික සමගිය අරුත් ගන්වමින් කුරුන්දි විහාරයේ අද තෛපෝංගල් උත්සවයක්..!

මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයේ අද (18) දින පොන්ගල් පූජාවක් පැවැති අතර බාහිර පාර්ශවයන්ගේ බලපෑම් මත එම ස්ථානයට පැමිණි කුරුන්දි විහාරයේ දායකයින් නොවන කණ්ඩායමක් එයට බාධා වන අයුරින් හැසිරි ඇති බව සදහන්..

මුලතිව් කුරුන්දි විහාර භූමියේ පොන්ගල් පූජාවක් පැවත්වීමට පැමිණි අවස්ථාවේදී කුරුන්දි විහාරයේ දායකයින් නොවන බාහිර කන්ඩායමක් එය නීති විරෝධී බව පවසමින් එයට විරෝධය පෑ අතර එහිදී දෙපාර්සවය අතර උණුසුම් වචන හුවමාරු වෙමින් උණුසුම් තත්වයක හටගන්නා ලදි.

අනතුරුව එම ස්ථානයට පැමිණි කුරුන්දි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් විසින් පොන්ගල් පූජාව පැවත්වීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රකාශ කල අතර එම ස්ථානයට පැමිණි මුලතිව් පොලීසිය විසින් උණුසුම් තත්වය පාලනය කොට පුරා එම සථානයට පුරාවිද්‍යා නිලධාරීන්ද කැඳවා පොංගල් පූජාව පැවත්වීමට සුදුසු ස්ථානයක් පිලිසකර කර දීමෙන් අනතුරුව පැමිණි පිරිස් විසින් පොන්ගල් පූජාව පවත්වා විසිර ගියහ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *